මගී ගුවන් යානා සඳහා තිබූ තහනම අවසන් කිරීමෙන් පසුව පැය 24 ක කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපලට මගී ගුවන් යානා 29 කින් ගුවන් මගීන් 2068ක් මෙරටට පැමිණ ඇති බව ගුවන්තොටුපල කාර්යභාරය නිලධාරිවරයා පවසයි.
සෞදි අරාබියේ රියාද් සිට 103දෙනෙකුත්, කටාර් රාජ්‍යයේ දෝහා සිට 135 දෙනෙකුත්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 116 දෙනෙකුත් මෙසේ පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා විදේශීය සංචාරකයින් 69 දෙනෙකු ද ඉතින් පැමිණ ඇති අතර පැමිණි සියලු දෙනා දින දාහතරක නිරෝධායන සඳහා යොමු කරන අතර ඒ අතරතුර පී.සී.ආර් පරීක්ෂණ 2ටද සහභාගි විය යුතුය.
මෙම පැය 24 ක කාලසීමාව තුළ ගුවන් මගීන් 963 දෙනෙකු ගුවන් යානා 11කින් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් ඇත.
 




 
							     
							     
							     
							     
 
 
 
