චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම එන්නතෙහි රෝග ලක්ෂණ මතුවීම වළක්වා ගැනීමේ හැකියාව 51% ක් සහ අසාධ්‍ය තත්වයට පත්වීම හෝ රෝහල් ගත වීම් වළක්වා ගැනීමේ හැකියාව 100% ක් වන බවයි.
සයිනොෆාම් එන්නතට පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ දෙවන එන්නත මෙයයි. මේ ව්න විට රටවල් 18 ක පමණ මෙය භාවිත කර තිබෙන අතර සති 2 කට හෝ 4 කට පසුව මෙහි දෙවන මාත්‍රාව ලබා දිය යුතු වනවා.
ආරක්ෂාව , කාර්‍යක්ෂමතාව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා තිබීම නිසා සිනොවැක් එන්නත හදිසි භාවිතය සඳහා අනුමත කර ඇත.
මෙම එන්නතෙහි ප්‍රධාන වාසියක් වන්නේ එය සෙල්සියස් අංශක 2-8 දක්වා වන සාමාන්‍ය ශීතකරණයක වුවද ගබඩා කිරීමට හැකි වීමයි.
ඉතා අඩු උෂ්ණත්වවලදී එන්නත් විශාල ප්‍රමාණයක් ගබඩා කර තැබීමේ පහසුකම් නොමැති සංවර්ධන වෙමින් පවතින රටවලට ද මෙම එන්නත ප්‍රයෝජනවත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.




