ඇඹිලිපිටිය රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 130 වෛද්‍ය උපකරණ


ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 130 කට ආසන්න වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ලබාදීම ඊයේ (01) දින සිදු කෙරිනි. සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා විසින් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මිය වෙත එම වෛද්‍ය උපකරණ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දී නිල වශයෙන් ලබාදෙන ලදි.

අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියාත්මක ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සහ රෝහලේ ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් අනුව මෙම වෛද්‍ය උපකරණ ලබාදීම සිදුවිය.

සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාගේ සහ ඇඹිලිපිටිය පොදුජන පෙරමුණ ඉංජිනේරූ සංවිධානයේ සම්බන්ධීකරණයෙන් රෝහලට ලැබුන අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ අතර High Dependency Beds (HDU ඇඳන් 10 ක්), infusion pump 10 ක්, sucker machine 02 ක්, Defibrillator 02 ක්, Multipara Monitor 05 ක්, CPAP Machine 02 ක්, Pulse Oximeter machine 20 ක්, Transport Ventilator 02 ක්, BP Apparatus 05 ක් ඇතුලු වෛද්‍ය උපකරණ රැසක් විය.

මෙහිදී අදහස් දැක් වූ සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා - “සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේ මහා සාගරය වගෙයි. ඉවර කළ නොහැකි තරම් අවශ්‍යතාවයන් සහ ඉල්ලීම් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමිය සහ මට තිබුන ලොකු වුවමනාවක් තමයි රටේ සෞඛ්‍ය සේවාව නංවන්න නායකත්වය දෙනවා වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ රෝහල් පද්ධතියත් නගා සිටුවීමට කටයුතු කිරීමට කැපවීම. පසුගිය කාලයේ ගරු අමාත්‍යතුමියත්, මමත් මෙම රෝහල සංවර්ධනය කිරීමට කටයුතු සිදු කළා. සෞඛ්‍ය අමාත්‍යතුමිය රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය කරනවා මෙන්ම ඇඹිලිපිටිය රෝහල සංවර්ධනය කිරීමට ද කටයුතු කරනවා. සෞඛ්‍ය අමාත්‍යතුමිය ධූරයේ වැඩ ආරම්භ කිරිම සමග පළමුවෙන්ම ගත් පියවරක් තමයි ඇඹීලිපිටිය රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට කටයුතු කිරීම. විවිධ වූ තාක්ෂණික ගැටළු සහ හේතූන් නිසා යම් අතරමැදි හිරවීමක් සිදු වුවත්, මේ වනවිට ඇඹිලිපිටිය රෝහලත්, අවිස්සාවෙල්ල රෝහලත් මධ්‍යම රජය රජයට පවරා ගැනීමේ අවසාන අදියර දක්වා පැමිණ තිබෙනවා. ඒ සදහා වන 03 වන කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කර තිබෙනවා. මෙම රෝහල නගා සිටුවීමට නම් තිබෙන කෙටිම සහ ශක්තිමත්ම මාර්ගය තමයි මේ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට කටයුතු කිරීම. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කරමින් සෞඛ්‍ය අමාත්‍යමිය මේ සදහා විශාල වගකීමකින් කටයුතු කරනවා. අද මෙම වෛද්‍ය උපකරණ ලබාගැනීම සදහා රෝහල් සංවර්ධන කමිටුවත්, පොදුජන පෙරමුණ ඉංජිනේරූ සංවිධානයත් සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් විශාල වැඩකොටසක් ඉටු කළා. අද එහි ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. ”

මෙම අවස්ථාවට නිවිතිගල විජිත ස්වාමින් වහන්සේ, ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මදුශංක මහතා, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත ජයලත් මහතා, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ නියෝජ්‍ය ජාතික සංවිධායක ඉංජිනේරු රවිහාර් කුලතුංග මහතා, රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මිය, රෝහල් සංවර්ධන කමිටුවේ සභාපති නීතිඥ කමල් ප්‍රේමසිරි අබේසූරිය මහතා, වෛද්‍ය හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඇඹිලිපිටිය රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 130 වෛද්‍ය උපකරණ
ඇඹිලිපිටිය රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 130 වෛද්‍ය උපකරණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKfZ4QyBgOh6XpUDztCjAqp4MoNqqdoOXo4DI1BPx-fHUuF1REt750sJ2qc4MvU-4Ej-7F9ouD0gFK-tktFDpIrZH7BEbTIyMwQ8u0q6Y3QHLZII_Vs0BWLxY2nqpWA3yD0rnOeiecYVs/s16000/abfdafddb2563c16015487c7600d0ce6_XL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKfZ4QyBgOh6XpUDztCjAqp4MoNqqdoOXo4DI1BPx-fHUuF1REt750sJ2qc4MvU-4Ej-7F9ouD0gFK-tktFDpIrZH7BEbTIyMwQ8u0q6Y3QHLZII_Vs0BWLxY2nqpWA3yD0rnOeiecYVs/s72-c/abfdafddb2563c16015487c7600d0ce6_XL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/130.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/130.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content