රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියදුරාට අන්තරාදායක රිය පැදවීම යන චෝදනාව මත රුපියල් 12,500 ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්. බණ්ඩාර නෙළුම්දෙණිය මහතා නියම කර තිබෙනවා.
රාජගිරියේ පදිංචි නිමේෂ් දිල්ශාන් බස්නායක නමැති මෙම රියදුරා විසින් පදික මාරුවකදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් කෙසෙල්වත්ත පොලීසිය විසින් ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
කොළඹ සුපිරි හෝටලයක දී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම නිසා අත් අඩංගුවට ගත් චන්දිමාල් ජයසිංහ මහතාට පසුගිය 31 වනදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කර තිබුණා. අධිකරණයේ සිට නැවත පිටත් ව යන අවස්ථාවේදී ඔහුගේ රියදුරා විසින් මෙම වරද සිදුකර තිබෙන බව කෙසෙල්වත්ත පොලීසිය පවසනවා.
 




 
							     
							     
							     
							     
 
 
 
