සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී සමහර පුද්ගලයන් අනවශ්‍ය ගමන් බිමන්වල යෙදෙමින් සිටිනවා.
මේ නිසා රථ වාහනවලින් ගමන් කරන අතරතුර( Drive through test) පුද්ගලයන්ව පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු යැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා රජයට යෝජනා කර තිබෙනවා.
මෙමගින් අනවශ්‍ය සංචරණ සීමා බොහෝ දුරට පාලනය වන අතර ආසාදිතයින් හඳුනා ගැනීමට ද හැකියාව ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙනවා.
කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සඳහා ලෑම්ප් ( LAMP) නම් නව පරීක්ෂණ ක්‍රමවේදයට මෙරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී තිබෙනවා. අඩු වියදමකින් හා අඩු කාලයකින් එම පරීක්ෂණය සිදු කළ හැකි බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළා.




