ජපානයේ කෝවිඩ් රෝගීන් වැඩිවීම නොතකා ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන මාසයේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
"ටෝකියෝ 2020 හි සභාපති සයිකෝ හෂිමොටෝ නගරයේ හදිසි තත්වයක් තිබියදීත් ඔලිම්පික් උළෙල ඉදිරියට යනු ඇතැයි 100% ක් විශ්වාසයි" යන ලෙසින් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එහිදී, 2020 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපාන අගනුවර පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර පැරාලිම්පික් ක්‍රීඩා අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වෙයි.
ඔලිම්පික් උළෙල සඳහා තරඟ 33 ක් සහ ඉසව් 339 ක් පැවැත්වෙන අතරම පැරාලිම්පික් උළෙල ක්‍රීඩා 22 ක් පුරා ස්ථාන 21 කදී ඉසව් 539 ක් පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන්කර සිටිනවා.




