අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට නියමිත විෂය කරුණු සාකච්ඡා කෙරෙන "රේඩියෝ ගුරුවරයා" වැඩසටහන හෙට (05) ආරම්භ කෙරෙනවා.
ඒ අනුව මෙම වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා 91.7/91.9fm ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ.
පසුගිය විභාග ප්‍රශ්න ඔස්සේ විශය කරුණු මැනවින් සාකච්ඡා කෙරෙන අතර අනුමාන ප්‍රශ්න ද මෙහිදී සාකච්ඡා කෙරෙනවා.
කොවිඩ් වයිරසය හමුවේ බිදවැටුනු අධ්‍යයන කටයුතු ශක්තිමත් කරමින් පාඩම් මතකතබා ගැනීමේ කෙටික්‍රමද රේඩියෝ ගුරුවරයා ඔබට පවසනු ඇත.
රේඩියෝ ගුරුවරයා වැඩසටහන් පෙළ ගැස්ම.
01) ජූනි මස 05 වන, සෙනසුරාදා ඉතිහාසය පෙරවරු 9-10/පෙරවරු 10-11 සිංහල සාහිත්‍ය .
02) ජුනි මස 12 වන ,සෙනසුරාදා පෙරවරු 9-10 ඉතිහාසය / පෙරවරු 10 11 සිංහල සාහිත්‍යය .
03) ජුනි මස 19 වන, සෙනසුරාදා පෙරවරු 9-10 විද්‍යාව/ පෙරවරු 10- 11 ගණිතය .
04) ජුනි මස 26 වන, සෙනසුරාදා පෙරවරු9-10 විද්‍යාව/ පෙරවරු 10 -11 ගණිතය .
05) ජුලි මස 03 වන, සෙනසුරාදා පෙරවරු 9-10 ඉංග්‍රීසි / පෙරවරු 10-11 බුද්ධ ධර්මය
06) ජුලි මස 10 වන, සෙනසුරාදා පෙරවරු 9-10 ඉංග්‍රීසි / පෙරවරු 10-11 බුද්ධ ධර්මය




