ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්‍යාලයේ පැවති මාසික හමුවේ දී රාජ්‍ය අමාත්‍යංශවල ප්‍රගතිය පිළිබඳ ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසීමක් කළා.
එක් එක් අමාත්‍යංශ වෙත පැවරී ඇති කාර්‍යභාරය , ඉලක්ක සපුරා ගැනීම සහ ඉදිරි සැලසුම් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
පවතින වසංගත තත්වය හමුවේ වුව ද ආර්ථික සුරක්ෂිතතාවට මුල් තැන දෙමින් අඩුපාඩුවකින් තොර ව ජනතාව වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව අමාත්‍යවරුන් මෙහිදී ප්‍රකාශ කළා.මේ වන විටත් ඒ සඳහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වනවා.
සියලු ම රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ද මෙම හමුවට එක් වී සිටියා




