කොළඹ වරාරට ආසන්න මුහුදේදී ගිනි ගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දින සිට නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගමත් දේශීය නියෝජිතයාත් අතර සිදුවූ විද්‍යුත් තැපෑල පණිවුඩ සියල්ල පිළිබඳ අධ්‍යනයක් කර එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවජවිසින් ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අප්‍රේල් 27 වන දින සිට මේ දක්වා කාලය තුළ එලෙස පාර්ශ්වයන් අතර හුවමාරු වී ඇති තොරතුරු ඊට ඇතුළත්ය.
විමර්ශන නිලධාරීන් අද දිනයේදී එම නෞකාව නිරීක්ෂණය කිරීමට යෑමට බලාපොරොත්තු වන බවද අජිත් රෝහණ මහතා පැවසීය.
ඊට රජයේ රස පරීක්ෂකවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු එක්වීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.




