නෞකාව ගිනි ගැනීම පාලනය කර ගත නොහැකි වීමට මුහුදේ පැවති අයහපත් කාළගුණ වාතාවරණය මඟින් බොහෝ සෙයින් බලපෑම් ඇති වූ බව වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා ඊයේ (03) ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී X–Press Pearl නෞකාවේ ඇත්ත කථාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියේය.
නොට් 30 ට වැඩි දැඩි සුළං පැවතිය හොත් වරාය අධිකාරියේ මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රියව අක්‍රිය වන අතර 24 වන දින පස්වරුවේ සිට 26 වන දින අලුයම දක්වා මෙරට මුහුදු කලාපයේ පැවති දැඩි අහිතකර කාළගුණ තත්ත්වය හේතුවෙන් වරාය අධිකාරිය සතු මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රියව අක්‍රිය වූ බවත්, එකී හේතුවෙන් පැය 39 ක කාලයක් වරාය කටයුතු වල ඇනහිටීමක් සිදු වූ බවත් ඒ මහතා මෙහි දී අනාවරණය කර සිටියේය.
ඒ අනුව, දිනකට කොළඹ වරායේ බහලුම් 20,000 ක් පමණ හසුරවනු ලබන නමුත් එකී පැය 39 තුළ දී සිදුව ඇත්තේ බහලුම් 208 ක් පමණක් බවත්, කොළඹ වරායට ජාත්‍යන්තරයේ සහ කලාපයේ මෙවැනි අවස්ථාවල ක්‍රියාකරන ආකාරය පිළිබඳව ඉතාමත් හොද ඉතිහාසයක් හා කිරිති නාමයක් තිබෙන බවත් දයා රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේය.
වසර 40 ක පමණ කාලය සිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව ව්‍යාපාර සිදු කරන සිංගප්පුරුවේ XCL ආයතනය සතු වූ මෙම නෞකාව පැමිණීමට නියමිතව තිබුනත් මෙරට කලාපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා 19 වන දින කොළඹ වරායට පැමිණ ඇති අතර, මිට පෙර මෙම නෞකාව මෙම වසරේ දී දෙවතාවක් මාර්තු මස දී සහ අප්‍රේල් මස කොළඹ වරායට පැමිණ තිබේ.




