පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩකල 886 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනූව මහනුවරින් 85ක්,මාතලෙන් 147 සහ කුලියාපිටියෙන් සංචරණ නීති කඩකල සිය දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා සංචරණ නීති කඩ කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් සංඛ්‍යාව 21975ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට අමතරව ඊයේ දිනය තුළ බස්නාහිරට ඇතුළු වන සහ පිටවන ස්ථාන වලදී පුද්ගලයින් 4191 පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
මෙයින් වාහන 154ක ගමන් කළ 275 දෙනෙකු සංචරණ සීමා උල්ලංඝනය කර පළාත් අතර ගමන් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් නැවත ආපසු හරවා යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.




