සංස්ථා,දෙපාර්තමේන්තු, හා පෞද්ගලික ආයතන අංශ ප්‍රධානීන් ගෙන් ලබාගන්නා ලිපි අනුව සත්‍ය වශයෙන්ම සේවකයින් එම ආයතන වල සේවය කරන්නේද යන්න සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හයක් යොදවා මෙහෙයුමක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව අද දිනය තුළ විශේෂ පොලිස් කණ්ඩායම් සංස්ථා,දෙපාර්තමේන්තුව,ආයතන පරිශ්‍රයන්ට ඇතුළු වී එම ලිපි ලිපි ලේඛන අනුව සේවකයින් රාජකාරියේ නිරත වන්නේ දැයි සොයා බැලීමට නියමිතයි.
මෙම සොයා බැලීම සඳහා තොරතුරු දත්ත එක්රැස් කර ගන්නේ මාර්ග බාධකයන් හිදී ලබා ගන්නා තොරතුරු මතයි. සංචරණ සීමා බල පැවැත්වෙන මෙම කාල සීමාව තුළ දී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අනවශ්‍ය ගමන් සිදු කරන බවට ලැබී ඇති තොරතුරු මතයි මෙම මෙහෙයුම සිදුකිරීමට තීරණය කර ඇත්තේ.
මෙම මෙහෙයුමේ දී යම් හෙයකින් එවැනි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කොළඹ නගරයට ඇතුළු වී සංචරණ සීමා කඩ කරන්නන් සම්බන්ධයෙන් නිරෝධායන නීතිය අනුව ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.




