දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5ක පවුල් 31,303 කට අයත් පුද්ගලයින් 130,672 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. එමෙන්ම, අවතැන් කඳවුරු 27ක ආපදාවට ලක්වූවන් 5067 දෙනෙකු රඳවා තිබෙන බව ආපදා කළමනාකරණ මධයස්තානය සදහන් කළා. පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර, පූර්ණ හානි වූ නිවාස සංඛ්‍යාව 5ක්.
අර්ධ හානි වූ නිවාස 317ක් ද පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර, රත්නපුර, කොළඹ, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක නිකුත් කර ඇති නායයාමේ අවදානම තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මකයි. මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.




