දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ඊයේ ( 03) සවස 6 සිට අද දහවල් 12 දක්වා පැවති තත්වය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තත්ත්ව වාර්තා සාරංශයක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි දැක්වෙන පරිදි ගංවතුර , නාය යෑම් සහ දැඩි සුළං හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 ක් බලපෑමට ලක්ව තිබෙනවා. ඒ ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම සහ කලුතර යන දිස්ත්‍රික්ක පහයි.
මෙම තත්වය හේතුවෙන් මිය යෑම් 01 ක්, අතුරුදන් වීම් 01 සහ තුවාල ලැබූවක් එක් අයෙක් ද වාර්තා වී තිබෙනවා.
බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක පහ තුළ මුළු සුරක්ෂිත මධ්‍යස්ථාන 27 ක් තුළ පවුල් 1119 කට අයත් පුද්ගලයන් 5067 දෙනෙකු රැඳි සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ වන විට පවුල් 31303 කට අයත් 130672 ක් ජනතාව මෙම ආපදා තත්ව යටතේ අවතැන් වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරන අකාරයට පූර්ණ නිවාස හානි 05 ක් ද අර්ධ නිවාස හානි 317 ක් ද මේ වන විට අනතුරට පත් ව තිබෙනවා.




