කැළණි ගංගා ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 06 සිට 16 දක්වා කාලය තුළ හංවැල්ල ජල මිනුම් ස්ථානයේ දැනට පවතින මීටර මීටර 8.1 වන ජල මට්ටම මීටර් 9 දක්වාත් නාලගම්වීදියේ ජල මිනුම් ස්ථානයේ දැනට පවතින අඩි 5.60 වූ ජල මට්ටම 6.60 දක්වා ත් ඉහළයාමක් අපේක්ෂා කරන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. හේතුවෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර කරගැනීම පිණිස දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියා
 






 
							     
							     
							     
							     
 
 
 
