කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.
විශේෂ ගුවන් යානයක් මගින් එවා ඇති එම වෛද්‍ය ආධාරවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 6ක්.
සෞඛ්‍ය අංශ සඳහා අවශ්‍ය වෛද්‍යාධාර කට්ටල 880,000 ක්, හෘද ස්පන්දනය මැනීම සඳහා වන ඔක්සිමීටර් 1,200 ක් සහ වෙන්ටිලේටර 200 ක් ඊට අයත්.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු ඒජන්සිය හරහා මෙම ආධාර ලබාදී ඇති බවයි.
ශ්‍රී ලංකාව, මාලදිවයින සහ පාකිස්තානය යන රටවල් සඳහා මෙම හදිසි වෛද්‍ය සැපයුම් තොග ලබාදීමට පියවර ගෙන ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.