රට තුළ දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යාමත් සමඟ ජුනි 14 වන දින දිවයින පුරා සංචරණ සීමා ඉවත් කිරීම ප්‍රායෝගික නොවන බව මහජන සෞඛ්‍ය සංගමයේ (PHI) සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. ඔහු පැවසූවේ ගමන් තහනම් පැනවූව ද බොහෝ පුද්ගලයන්ගේ දෛනික චර්‍යාව පෙර පරිදිම බවයි.
සංචරණ සීමා පැනවීමෙන් පුද්ගලයන්ගේ සංචාරය කිරීම් 90% ක් අඩු කරගැනීමට අපේක්ෂා කළ නමුත් අවාසනාවකට මෙන් අපේක්ෂිත ප්‍රතිශතය සපුරා ගැනීමට නොහැකි වූ බව උපුල් රෝහණ මහතා පවසනවා.
කොළඹ ඇතුලු සෑම නගරයකම සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන් රාජකාරි සඳහා කැඳවන බැවින් නිවෙස් වල රැඳී සිටින්නේ එදිනෙදා ව්‍යාපාර කරන පුද්ගලයන් පමණක් බව ඔහු පෙන්වා දෙනවා.එකම වෙනස වන්නේ පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක නොවී ඒ වෙනුවට ඔවුන් තම පෞද්ගලික වාහනවල ගමන් කිරීමයි.
දෛනික රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පැවසූවේ තුන්වන රැල්ලේ රෝගීන්ගේ පළමු ආශ්‍රිතයන් හදුනා ගත්තත් පී සී ආර් පරීක්ෂණ කිරීම අඩු නිසා දෙවන තුන්වන ආශ්‍රිතයින් හඳුනාගැනීම අපහසු බවයි. එම පිරිස මෙලෙස ගමන් කරන නිසා සංචරණ සීමා පනවා තිබුන ද රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බව මහජන සෞඛ්‍ය සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසනවා