Header Ads

උණුසුම් පුවත්

විල්පත්තුව ජාතික උද්‍යානයේ දඩයම් කළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට


විල්පත්තුව ජාතික උද්‍යානයේ  වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් උද්‍යානයේ ගල්බැඳිනීරාවිය වෙල්වැටිය ප්‍රදේශයේ සිදුකරනලද මුර සංචාරයකදී දඩයක්කරුවන් පස්දෙනෙක්, එම දඩයක්කරුවන් සන්තකයේ තිබූ දඩමස් හා වෙනත් භාණ්ඩ රාශියක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. අත්අඩංගුවටගත් භාණ්ඩ අතර බෝර 12 ගිනි අවි එකක්, බෝර 12 පතරොම්, බඳින තුවක්කු 06ක්, විදුලි පන්දම්, පිහි, පොරවක්, ගිනි පෙට්ටි රාශියක් ඇතුළු භාණ්ඩ සමූහයක් තිබෙන අතර ඹවුන් දින කිහිපයක් ජාතික උද්‍යානය තුල රැඳී සිටිමින් දඩයම් කිරීමට සූදානම්ව පැමිණි ඇති බව වනජීවි නිලධාරීන් සදහන් කළා .