ඊයේ දිනය තුල කොවිඩ් - 19 ආසාදිතයින් 2,976 දෙනෙකු වාර්තා වී තිබේ.
ඊයේ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 805කි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ බියගම, නිට්ටඹුව, සීදූව, මීගමුව යන ප්‍රදේශවලින්ය.
දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 589කි.
අවිස්සාවේල්ල, වැලිකඩ, වැල්ලම්පිටිය සහ මොරටුව යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබේ.
තෙවැනියට වැඩිම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 300කි.
එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් බුලත්සිංහල, හොරණ,අඟුරුවාතොට යන ප්‍රදේශවලින් වාර්තා විය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 589 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 300ක් වාර්තාවීමත් සමග බස්නාහිර පළාතෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 110,293ක් දක්වා ඉහළගොස් ඇත.
මීට අමතරව නුවරඑළිය 108ක්, යාපනය 112ක්, අනුරාධපුර 107ක්, ගාල්ල 98ක් සහ වව්නියාව ආසාදිතයින් 85ක් ලෙස වාර්තා වී තිබේ.
ඊයේ (06) දිනයේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97 දෙනෙකු වාර්තාවීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,198 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
කුරුණෑගල ආසාදිතයින් 79ක්, මඩකලපුව 73ක්, පොළොන්නරුව සහ හම්බන්තොට 60 දෙනා බැගින් ආසාදිතයින් වාර්තා වී තිබේ.
ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 205,333 දක්වා ඉහළගොස් තිබේ.