Header Ads

උණුසුම් පුවත්

පකිස්තානය දුම්රිය අනතුරකින් පුද්ගලයින් 30 ක් මරුට


පාකිස්ථානයේ අද උදෑසන අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ අනතුරට පත් වී ඇත්තේ ලාහෝර් සිට කරච්චි බලා පිටත්ව ගිය ස්‍රී සයිඩ් එක්ස්ප්‍රස් දුම්රිය සහ කරච්චි සිට සර්ගෝදා බලා ගිය මිලට් එක්ස්ප්‍රස් දුම්රියන් බවයි පැවසෙන්නේ.

මෙම අනතුරින් දුම්රිය මැදිරි 13 ත් 14 ත් දක්වා  ප්‍රමාණයක් පීලි පැනීමට ලක් වී ඇති අතර හයත් අටත් අතර ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.