Header Ads

උණුසුම් පුවත්

සෙස්නා 150 යානයේ කාර්මික දෝෂයක්


ගුවන් නියමුවන්ගේ මූලික පුහුණුව සඳහා යොදාගනු ලබන සෙස්නා 150 ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ හදිසියේ ගොඩබා තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ එම ගුවන් යානය ගුවන් හමුදා ත්‍රිකුණාමලය පුහුණු කඳවුරෙන් පෙරවරු 10.22ට පමණ ගුවන්ගත වූ එම යානය පෙරවරු 10.48ට පමණ ඉරක්කණ්ඩි ප්‍රදේශයට හදිසියේ ගොඩබා ඇති බවයි.

එහි ගුවන් නියමුවන් දෙදෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනා නිරුපද්‍රිත බව වාර්තා වේ.