Header Ads

උණුසුම් පුවත්

ගිනි අවියක් පෙන්වා දැරියක් පැහැර ගනී

 


සූරියවැව බැද්දෙවැවදී ගිනි අවියක් පෙන්වා දැරියක් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ෂණවලදී දැරියගේ පියා හා බාප්පා සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප හතරක් මත නිදහස් කරන ලෙස හා ඉදිරි දිනයේ යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හම්බන්තොට වැඩබලන මහේස්ත‍්‍රාත් ආරියසේන මහතා පෙරේදා (05) දහවල් නියෝග කෙරුණි.

 සූරියවැව, බැද්දෙවැව, නුගේකන්ද පදිංචි වයස අවුරුදු 06ක දැරියක් යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු විසින් ගිනි අවියක් පෙන්වා නිවැසියන් බියගන්වා ඉකුත් 04 වැනි දින අළුයම පැහැරගෙන ගිය බවට දැරියගේ පියා වන 32 හැවිරිදි තිළින නයන සමරසිංහ යන අය විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

  ඒ අනුව සූරියවැව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර පියාගෙන් සිද්ධිය පිළිබඳව සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී ලබාදී තිබූ පරස්පර විරෝධී ප‍්‍රකාශ හේතුවෙන් සූරියවැව පොලිසිය විසින් දැරියගේ පියා හා ඔහුගේ බාල සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත්තේ දැරිය පැහැර ගැනීමේ සිද්ධිය සම්පුර්ණයෙන්ම පියා හා පියාගේ බාල සොහොයුරා විසින් නිර්මාණය කළ සිදුවීමක් බවයි. ඊට හේතුව වී ඇත්තේ මීට මාස එක හමාරකට පමණ පෙර දැරියගේ මව වෙනත් විවාහයක් කරගෙන යාම හේතුවෙන් ඇය පොලිසියට ගෙන්වා ගැනීමට හා මෙම පැහැර ගැනීමේ සිද්ධියට බිරිඳ හසුකිරීමේ අරමුණින් බවයි.