Header Ads

උණුසුම් පුවත්

ගංවතුරෙත් යුද හමුදාව කොවිඩ් සටනේ !

     

අයහපත් කාලගුණය හේතුවෙන් අත්තනගල්ල ඔය පිටාර ගලා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් රෝහල්ගත කිරීමට නොහැකිව කොටුවී සිටි අත්තනගල්ල කැටකාලපිටිය ප්‍රදේශයේ පවුල් දෙකක කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් ආරක්‍ෂිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරවීමට යුද්ධ හමුදා භටපිරිස් හට හැකිව තිබේ.

මෙම පවුල් දෙකේ සාමාජිකයන් සිව්දෙනෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදිතව සිටි අතර, සෞඛ්‍ය බලධාරින් සමඟින් යුද්ධ හමුදා භටපිරිස් කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව ආදාළ පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් කරා යොමු කළහ.

එසේම ගංවතුර තත්ත්වය හේතුවෙන් සිරවී සිටි තවත් පවුල් 05 ක සාමාජිකයින් යුද්ධ හමුදා භටපිරිස් විසින් බේරාගෙන ප්‍රදේශයේ රජයේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂිත ස්ථානවලට යොමුකළහ.

මෙම මුදාගැනීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම් සිදුකරන අවස්ථාවට මීරිගම දිස්ත්‍රික් ලේකම් සහ එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයාද සහභාගී විය.