Header Ads

උණුසුම් පුවත්

පාහියංගල ගල්ලෙන් විහාර‌යත් නාය යෑමේ අවදානමේ

 


 නාය යෑමේ අනතුරු මතුවීම නිසා අග්නිදිග ආසියාවේ ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාස භූමිය වන බුලත්සිංහල පාහියංගල ගල්ලෙන් විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේලාට වහාම ඉවත්වන ලෙස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

 සිකුරාදා මධ්‍යම රාති‍්‍රයේදී තමාට මෙම දැනුම්දීම කොළඹින් පැවසූ බවද යළිත් සෙනසුරාදා විශේෂ පරීක්‍ෂණ කණ්ඩායමක් පැමිණ අවදානම පැහැදිලි කළ බවත් බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රසාද් පෙරේරා මහතාගේ උපදෙස් ඇතුව වෙනත් ග‍්‍රාම නිලධාරි කොට්ඨාසයක තාවකාලික නේවාසික ගොඩනැඟිල්ලකට නේවාසික සාමණේර හිමිවරුන් 10 දෙනකු සමග වැඩිය බවත් විහාරාධිපති යටගම්පිටියේ චන්දිම හිමියෝ පවසති.