Header Ads

උණුසුම් පුවත්

මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පිරිසක් කොටුවේ

 




2021 අප්‍රේල් මාසයේ  සිට ජුනි පස් වනදා දක්වා වන කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පිරිසක් හමුවී ඇත.

මුහුදු කූඩැල්ලන් 4040 පමණ ප්‍රමාණයක් සහ කිමිදුම් උපකරණ තොගයක් සමඟ සැකකරුවන් 45 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.ඔවුන් වයස අවුරුදු විසිතුනක් විසි  පනස් හතත් අතර පසුවන බව නාවික හමුදාව පවසනවා.

උතුරු මැද නාවික විධානය විසින් වලෙයිපාඩු සහ කිරන්චි මුහුදු ප්‍රදේශයෙත් උතුරු නාවික විධානය මගින් වෙත්තලකේනි, නගර් කෝවිල් සහ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

මොවුන් කල්පිටිය, වංකාලේ, වෙත්තලකේනි, මන්නාරම, පුනරින්, නොරොච්චෝලේ, අලියා වලෙයි, පල්ලවරායන්කට්ටු, කුමුලමුනයි,වෙරවිල්  සහ මුල්ලියන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදී තිබෙනවා.