තවත් සැර කොරෝනා වයිරස ප්‍රභේද රටපුරා ව්‍යාප්තව ඇත්දැයි සෙවීම සඳහා ආරම්භ කළ පරීක්ෂණයේ අවසන් වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට අද භාරදීමට නියමිත බව වාර්තා වනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව පවසනවා.
මෙම සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ පරීක්ෂණය ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ මූලිකත්වයෙන් මීට සති කිහිපයකට පෙර ආරම්භ විය.
දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල 96ක් මේ පරීක්ෂණ සඳහා යොදා ගෙන තිබෙනවා
මෙම වෛද්‍ය පර්යේෂක කණ්ඩායම විසින් ලෝකයේ විවිධ රටවල ව්‍යාප්තව ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේද පහක් මෙරට ව්‍යාප්තව තිබී පසුගිය කාලයේ දී සොයා ගනු ලැබුවා