Header Ads

උණුසුම් පුවත්

අයහපත් කාලගුණයෙන් විපතටපත් දරුවන්ට අලුතින් පෙළ පොත්


අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම් වලින් පාසල් පෙළ පොත් විනාශයට පත්වූ දරුවන්ට අලුතින් පෙළ පොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

පෙළ පොත් විනාශ වී ඇති දරුවන් ඒ පිලිබදව තම පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියාසිටියා.

අනතුරුව විදුහල්පතිවරයා විසින්  කොට්ඨාස සහ කලාප අධ්‍යක්ෂවරුන් මගින් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙනු ඇති බව කපිල පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.