Header Ads

උණුසුම් පුවත්

කළුතර කොරෝනා මරණ වාර්තා වීම අතින් ඉහළින් ම


කොරෝනා මරණ වාර්තා වීම අතින් ඉහළින් ම ඇති නගරය කළුතර බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. 

එම මරණවලින් 28% නිවෙස්වල දී ම මිය යෑම විශේෂත්වයක් බවත් දිනකට වැඩිම ආසාදිතයින් හමුවන කොළඹ නගරයේත් මෙම අගය 18% ක් පමණක් බවත් වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා. 

දිනකට මෙරට සිදුවන කොවිඩ් මරණවල සාමාන්‍ය අගය  38 ක් බවත් පුද්ගලයන් නිවෙස් තුළ ම මිය යෑම විශාල ගැටළුවක් බවත් ඔහු කියා සිටියා.