Header Ads

උණුසුම් පුවත්

නව සිංහල රාවය මහ ලේකම් හිමියන්ට කොරෝනා ආසාදනය වේ.


නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම්  පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට  කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

උන්වහන්සේ මේ වන විට කළුතර පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

සුදත්ත හිමියන්ගෙ රියැදුරු ඇතුළු ඔහුගේ පවුලට ද  වෛරසය ආසාදනය වී ඇති බැවින් රියදුරු මාර්ගයෙන් උන්වහන්සේට කොරෝනා ආසාදනය වන්නට ඇති බවට සැක කරනවා.

ඊයේ (09) පැවති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන්ගේ  අවමංගල්‍ය උත්සවයට ද උන්වහන්සේ සහභාගි වී තිබෙන අතර එම අවස්ථාවට ප්‍රභූ පිරිස් හා පාර්ලිමේන්තු නියෝජිතයන් ද සහභාගි වී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා .