Header Ads

උණුසුම් පුවත්

තෑගිදීම සඳහා ඇමරිකාව එන්නත් මාත්‍රා මිලියන 500 ක් මිළදී ගනී


ඉදිරි වසර තුලදී අඩු ආදායම්ලාභී රටවල් 92 කට සහ අප්‍රිකානු සංගමයට පරිත්‍යාග කිරීම සඳහා ඇමරිකාව විසින් කෝවිඩ් -19 එන්නත් මාත්‍රා මිලියන 500 ක් මිළදී ගන්නා බව වාර්තා වනවා.

G- 7 සමුළුව ඇමතීමට පෙර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මේ බව පැවසීය. මිලියන 100ක ජනතාවට සම්පූර්ණයෙන් ආරක්ෂා වීමට  අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 200 ක් මේ වසරේදී බෙදා දෙනු ඇති අතර ඉතිරි ප්‍රමාණය 2022 වසරේ මුල් භාගයේ දී පරිත්‍යාග කිරිමට නියමිතය.

එරට ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් බදාදා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ බයිඩ්න් එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය හා උපාය මාර්ගික අවශ්‍යතා නිසා මෙම එන්නත් බෙදාහැරීමට කැපවී සිටින බවයි.