Header Ads

උණුසුම් පුවත්

රනිල් නියත වශයෙන් නුදුරු දිනකදී දිවුරුම්දෙයි - රංගේබණ්ඩාර


එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි නියත වශයෙන් නුදුරු දිනකදී දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ශ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා.

බොටම් ලයින් කල විමසීමකදී මහලේකම් වරයා කියා සිටියේ රජය පාර්ලිමේන්තුව කැදවීම සිදු නොකරන බැවින් ස්ථිර දිනයක් ප්‍රකාශ කල නොහැකි බවයි.

ඒ පිලිබදව නීතීමය කටයුතු මහලේකම්වරයා ලෙස තමන් ඉටු කරන බවද ඔහු කියා සිටියා

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍යවෙත් ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බවයි.