Header Ads

උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයේ සහරාන්ගේ දෙදෙනෙක් අත්අඩංගුවට

 

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි සහ 40 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි. මඩකළපුව සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහටගස්දිගිලියේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා 2018 වසරේ දී සහරාන් හෂීම් ඇතුළු පස් දෙනෙකුට ආරක්ෂාව සැපයීම හේතුවෙන් සහ අනෙක් පුද්ගලයා ආගමික අන්තවාදය සහ මතවාද  පැතිරවීම මෙන් ම සහරාන් හෂීම්ට ආරක්ෂාව සැපයීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. 

සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.