Header Ads

උණුසුම් පුවත්

කුඩා දරුවෙකු බියර් වර්ගයේ මත්පැන් අතැතිව සිටින වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක්

 


සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරූ කුඩා දරුවෙකු  බියර් වර්ගයේ මත්පැන් අතැතිව සිටින වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

 අදාළ සිද්ධිය රූගත කල  තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ  ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක් බවට වැඩිදුර තොරතුරු වාර්තා වන අතර ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.  සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.