Header Ads

උණුසුම් පුවත්

නිරෝධායනය ආසාදිත පුද්ගලයින්ට පමණයි - බ්‍රසීල ජනපති

 


කොවිඩ් 19 වෛරසය නිසා 480,000 කට අධික බ්‍රසීල වැසියන් පිරිසක් මිය ගොස් තිබේ. එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාවට පමණි. මේ අතර, බ්‍රසීලයේ එන්නත් කිරීමේ වැඩසටහන ද බිම් මට්ටමේ දී  මන්දගාමී වී ඇත. කාලෝචිතව සැපයුම් ලබා ගැනීම ප්‍රමාද කළේදැයි මේ වන විට සෙනෙට් පරීක්ෂණය විමර්ශනයක් ද පවතී.

කොරෝනා වෛරසය සඳහා එන්නත් ලබා ගත් පුද්ගලයන් සහ මින් පෙර ආසාදිත පුද්ගලයන්ට තවදුරටත් මාස්ක් පැළඳ සිටීම අවශ්‍ය නොවන ලෙස පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ මහතා පැවසීය. කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ ගෝලීය මරණ ලයිස්තුවේ දෙවන ස්ථානය ගත් බ්‍රසීලය අගුලු දැමීමට සහ සමාජ දුරස්ථභාවයට එහෙරහිව ක්‍රියා කළ ඔහු පවසන්නනේ නිරෝධායනය කළ යුත්තේ ආසාදිත පුද්ගලයින් පමණක් බවයි. “ආසාදිත පුද්ගලයින් සඳහා මාස්ක් ප්‍රයෝජනවත් වේ. නිරෝධායනය ද ආසාදිතයින් සඳහා වේ.” යැයි ඔහු වැඩිදුරටත් කීවේය. 

සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වීරෝගා මහතා පැවසුවේ බ්‍රසීලයේ මාස්ක් භාවිතය පිළිබඳව අධ්‍යයනයක් කරන ලෙස බොල්සොනාරෝ තමාගෙන් ඉල්ලා ඇති බවයි. කෙසේ වෙතත්, සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා මාස්ක් භාවිත කළ යුතු බවට ඇමතිවරයා මේ සතියේ සෙනෙට් විමර්ශන කොමිසමක් ඉදිරියේ සහතික කළේය.