ශ්‍රී ලංකාවේ උපන් ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් මහතා ඇමරිකාවේ ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා එම පත්වීම සිදුකළ බවයි.
මඩකලපුව ප්‍රදේශයේ උපත ලබා ඇති ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. වසර 40 කට අධික අත්දැකීම් සහිත ප්‍රවීණ අධ්‍යාපනඥයෙක් වන ඔහු මීට වසර 20 කට පෙරෙ ඇමරිකාවට ගොස් තිබෙනවා.
අධි ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවට පිවිසි ගේබ්‍රියල් මහතා වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලයෙන් ඔහුගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇති අතර ඇමරිකාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල දෙකක පර්‍යේෂකයෙක් සහ පරිපාලකයෙක් ලෙස කටයුතු කර ඇත.