ඉදිකිරීම් වැඩ බිම්වල රැඳී සිටින කම්කරුවන්ට අලෙවි කිරීම සඳහා නීතිවිරෝධී මත්පැන් තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පුංචි බොරැල්ල පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ වන විට මෝටර් රථයේ රුපියල් ලක්ෂයකට ආසන්න මත්පැන් ප්‍රමාණයක් තිබී ඇත.
කඩුවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පෙරේදා (9) අලුයම පුංචි බොරැල්ල පොලිස් මාර්ග බාධකයේදී පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම මත්පැන් තොගය එහි සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇත.
සැකකරු අත්‍යවශ්‍ය සේවා ලේබලයක් භාවිත කරමින් මෙලෙස මත්පැන් ප්‍රවාහනය කර ඇති බවද පොලිසිය කියයි.
මරදාන පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.