අද උදෑසන කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව බස්නාහිර, සමරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වීමට ඉඩ ඇත.
සෙසු ප්‍රදේශවල වැසි රහිත කාළගුණයක් පවතියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මි. 30-40 ත් වන අතර විටින් විට පැ.කි.මි.50 දක්වා වැඩි වීමට ඉඩ තිබෙනවා.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් මීගමුව සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් මුහුද විටින් විට රළු විය හැකි අතර දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශ තරමක් රළු වීමට ඉඩ ඇත.
ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන්නන් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.