විවිධාංගීකරණය වූ කාර්මික හා කෘෂි කාර්මික සැකසුම් ප්‍රවර්ධනය කිරීම තුළින් සහ ඒවාට ඉහළ අගයක් එකතු කිරීම තුළින් මෙරට අපනයන ආදායම ඉහල දැමීමට රජය සැලසුම් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා කියා සිටියේ 2024 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වාත්, 2028 වසර වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 20 දක්වාත් ඉහළ දැමීමට රජය සැලසුම් කර ඇති බවයි.
රජය විසින් සකස් කර ඇති අපනයන හා ආනයන සැලසුම් පිලිබදව පෙන්වාදෙමින් 2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදයේදී ඔහු මේ බව කියා සිටියා
එහිදී අදහස් දැක්වූ ලේකම්වරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ කාර්මික අපනයනයෙන් සියයට හැත්තෑවක් සිදුවන්නේ ආයෝජන මණ්ඩලයේ අනුමත අපනයන සැකසුම් කලාප දාහතක සහ කලාපවලින් පිටත ක්‍රියාත්මක වන කර්මාන්තශාලා හරහා බවයි.
කොවිඩ් වයිරසය හේතුවෙන් පැනවූ සීමාවන් සහ වෙනත් සාධක හේතුවෙන් වර්තමානයේ ඒවා ධාරිතාවට වඩා අඩු මට්ටමකින් ක්‍රියාත්මක වනබවද ඔහු කියා සිටියා.
කෙසේවුවද මේ සියලු බාධා මධ්‍යයේ වුවද,අයෝජනය මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, තේ මණ්ඩලය සහ වැවිලි අමාත්‍යාංශයට ඇමරිකානු ඩොලර් බිලියන දොළහක අපනයන ඉලක්කයක් ලබා දී ඇතැයිද ජනාධිපති ලේකම් වැඩිදුරටත් කියා සිටියා.