දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා
මේ දක්වා ක්‍රියාත්මක කළ සංචරණ සීමා හේතුවෙන් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරමින් ඇති බවද එම සංගමය පෙන්වාදෙයි
ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව සදහන් කළා
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වාදෙන්නේ සංචරණ සීමා කඩිනමින් ඉවත් කළහොත් ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යා හැකි බවයි
නිවසකින් පිටව යන පුද්ගලයින් අවම කරමින් සංචරණ සීමා ඉතා තදින් ක්‍රියාකළ යුතු අතර සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ විවෘතව ඇති ආයතන ආශ්‍රිතව පී.සී.ආර් පරීක්ෂණ ඉහළ නැංවිය යුතු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් කියසිටියා