කොවිඩ් අර්බුදය හමුවේ ජන ජීවිතය අඩාල වී ඇති මේ අසිරු අවස්තාවේ තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
කෙසේ වුවද ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තෙල් මිල වැඩිකිරීමට අනුමැතිය දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ පැවසුවා.
මේ අතර ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවත් මුල් මාස 4 වෙනි පමණක් බිලියන 45ක පමණ පාඩුවක් සිදුව ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරා.
අද වන විට ලොව රටවල් කිහිපයක් හැර අනෙක් සෑම රටවල් වල ම ශ්‍රී ලංකාවට වඩා ඉන්ධන මිල ඉහළ බව ද ඔහු අද මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නා.