පසුගිය වසරේ අගෝස්තු මාසයේ යුක්‍රේනය වෙත අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් AN 32 වර්ගයේ ගුවන් යානා ත්‍රිත්වය ඊයේ (11) නැවත මෙරටට ගෙන්වනු ලැබුවා. මෙම ගුවන් යානා 2014 වසරෙන් පසු ව අක්‍රීයව තිබුණු අතර සිය මව් රටට යවා අලුත්වැඩියා කිරීමෙන් පසු නැවත කටුනායක ගුවන් හමුදා පරිශ්‍රය වෙත ඊයේ රාත්‍රි 8ට පමණ ගොඩබස්වනු ලැබුවා.
ඇන්ටනෝව් AN 32 ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු විශාලත ම ප්‍රවාහන යානා ලෙස හඳුන්වා දීමට හැක. අප රට තුළ යුධමය වාතාවරණයක් පැවති සමයේ මෙම යානා අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට සහ මගී ප්‍රවාහනයට යොදාගෙන තිබෙනවා.
මානුෂීය මෙහෙයුම්වල දී යුද්ධයෙන් තුවාල ලැබූ භටයන් සහ සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමටත් පැරෂුට් ඇතුළු යුධ අභ්‍යාස සිදු කිරීමටත් හදිසි අවස්ථාවලදී විදෙස් රටවලට පියාසර කිරීම ඇතුළු කාර්‍යන් විශාල ප්‍රමාණයකට සහය දුන් ගුවන් හමුදාව සතු වූ වටිනා සම්පතක් ලෙස මෙම ඇන්ටනෝව් AN 32 යානා හැඳින්වීමට හැක.
උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණු මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුලු ගුවන් හමුදාවේ ඉහළ නිළධාරීන් එක් ව සිටියා.