බහුදින ධීවර යාත්‍රාවක තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් දකුණු මුහුදු තීරයේ කළ වැටලීමකින් අද අලුයම වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේදීයි සොයාගෙන ඇති අතර ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අසුරා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇත.
රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇති අතර මෙම සිද්ධියට අදාළව යාත්‍රාවේ සිටි 6 දෙනෙකු ද ඇතුලුව සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
මෙම කිලෝ 219 ග්‍රෑම් 800ක පමණ වන මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 1758කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
මේවා බහුදින ධීවර යාත්‍රාවක් මඟින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු
ප්‍රදේශයට රැගෙන විත් පසුව ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වැලිගම,
පොල්වතුමෝදර ප්‍රදේශයෙන් ගොඩබිම වෙත ප්‍රවාහනය කර ඇත.
බහුදින ධීවර යාත්‍රාව 2021 මැයි මස 11
වන දින මාතර, කොට්ටේගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර
මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින
ධීවර යාත්‍රාව වෙත ලබා ගන්නට ඇතැයි සැක කෙරේ.
මෙම සැකකරුවන් වයස අවුරුදු 26 ත් 43 අතර වයසේ පසුවන වැලිගම, අහංගම, දික්වැල්ල, කොට්ටේගොඩ, ඉහළවත්ත, මිරිස්ස, පොල්වතුමෝදර සහ පිළියන්දල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකරමින් පවතී.