රට තුළ පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය දියත් කරමින් සිටින කෝවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය වාර්තාවක් වසංගත රෝග විද්‍යාංශය විසින් ඊයේ (14) නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා එන්නත්කරණයට ලක් කරන ලද පුද්ගල සංඛ්‍යා මෙසේ ය.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 ක් ද දෙවන මාත්‍රාව 355,675 ක් ද සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1,326,784 ක් ද දෙවන මාත්‍රාව 253,835 ක් ද ස්පුට්නික්- V එන්නතේ පළමු මාත්‍රාව 64,986 ක් ද එහි දෙවන මාත්‍රාව 3,690 දෙනෙක් ද ලෙස වසංගත රෝග විද්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
ඒ අනුව ඊයේ (14) දිනය දක්වා පූර්ණ එන්නත්කරණයට හෝ අර්ධ එන්නත්කරණයට යොමු වූ සම්පූර්ණ ප්‍රමාණය 2,676,377 ක් වනවා.
මීට අමතර ව සංවර්ධන කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින චීන ජාතිකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 2,865 ක් ද දෙවන මාත්‍රාව 2,435 ක් ද ලබා දී තිබෙන බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා.