සුපිරි වෙළද සැල් හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර ලබා නොදෙන බව කෝවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබෙනවා.
සුපිරි වෙළඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා ඊයේ මුදල් අමාත්‍යංශය අවසර ලබා දුන්නද කෝවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තීරණය ගෙන තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනය කළා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මුදල් අමාත්‍යාංශයෙන් පසුගියදා කළ ඉල්ලීමක් කර තිබෙනවා. විවිධ පාර්ශව විසින් කළ ඉල්ලීම් සහ දීර්ඝ කාලීනව බදු ආදායම් අහිමි වීමේ අවදානම පිළිබඳ සළකා බලා ඔහු මෙම ඉල්ලීම සිදු කළ බව වාර්තා වනවා.




