නැවත පාසල් විවෘත කිරීමේදී පාසල්වල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නත්කරණයට දළ වශයෙන් එන්නත් මාත්‍රා 279,020ක් පමණ අවශ්‍ය බව, අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
පාසල් විවෘත කිරීමේදී ඇති වන ගැටලු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙන බව පැවසූ අධ්‍යාපන ඇමැතිවරයා, සංචරණ සීමා අවසන් කිරීමෙන් පසු පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාව පිළිබඳ ප්‍රමුඛතාව දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම ආණ්ඩුවේ අභිලාෂය බවත්, එහි ප්‍රථම පියවර එන්නත්කරණය බවත් පවසන ලදි.
පාසල් විවෘත කිරීම සඳහා ක්‍රමානුකූල සැලැස්මක් සකස් කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (16) පැවති සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත ඇමැතිවරයා මේ බව පැවසීය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාසල් සියල්ල වසා දමන්නට අපට සිදු වී තිබෙනවා. මේ කාලසීමාවේ සිසු දරුවන්ට වන හානිය අවම කර ගැනීම සඳහා ගුරුගෙදර, ඊ තක්සලාව වැනි වැඩසටහන් රාශියක් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර තිබෙන අතර, මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය අනුව අධ්‍යයන කටයුතු කෙරෙනවා. එසේ වුවත් දුරස්ථ අධ්‍යාපනය කිසිසේත්ම පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවේ. ඒ සඳහා සූදානම් වීමට සෑහෙන තරම් කාලයක් අවශ්‍ය වෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් පාසල් විවෘත කිරීම කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සහ විශේෂඥ වෛද්‍යවරු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




