කටුගස්තොට රණවන පාරේ නිරෝධායන නීති කඩකරමින් සා.පෙළ කඳවුරක් පවත්වාගෙන ගිය අධ්‍යාපන ආයතනයක් පොලිසිය විසින් වටලා ඇත.
එහි නේවාසිකව සිටි ගුරුවරුන් සිසුසිසුවියන් 58 දෙනකු එම ස්ථානයේම නිරෝධායන ලක් කිරීමෙන් අනතුරුව සිදුකරන ලැබූ පී. සී. ආර්. පරීක්ෂණ මගින් එහි සිටි ගුරුවරුන් ඇතුළු සිසුසිසුවියන් 31 ක් දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා.
කටුගස්තොට - මැදවල රණවන පාරේ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නිවසක අධ්‍යාපන කඳවුරක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඉකුත් 03 කටුගස්තොට පොලීසිය මගින් එම ස්ථානය වටලනු ලැබීය.
අ. පො. ස. සාමාන්‍ය විභාගයට පෙනී සිටින සිසුන් සඳහා නේවාසික පුහුණු කඳවුරක් මෙම ස්ථානයේ පවත්වා ඇති අතර වැටලීම සිදු කළ අවස්ථාවේ එහි සිසු සිසුවියන් 52 දෙනකු සිට ඇත.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ද සමග එකතු වී ගුරුවරුන්ද ඇතුළුව 58 දෙනකු යුත් පිරිසක් එම ස්ථානයේදීම නිරෝධායනයට ලක් කිරීමට පොලිසිය පියවර ගැනුනු අතර අනතුරුව සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ මගින් කොවිඩ් වයිරස ආසාදන වී ඇති අය හඳුනා ගැණුනි.




