ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය අනුකමිටුව සහ ගෑස් සමාගම් අතර ඊයේ (16) පැවති සාකච්ඡාව ද එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා
ගෑස් සමාගම් දැනට මාස කිහිපයක සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වුනා.
ඒ අනුව බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය අනුකමිටුව මෙම සාකච්ඡාවට එක්ව සිටියා
එහිදී ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් 600 කින් සහ ලාෆ් ගෑස් සමාගම රුපියල් 700 කින් ගෑස් මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලා යෝජනා කර ඇත.
කෙසේවෙතත් අමාත්‍ය අනුකමිටුව පෙන්වා දී ඇත්තේ වර්තමානයේ ජනතාව පත්ව සිටින අපහසුතාවයන් හේතුවෙන් එතරම් මුදලකින් ගෑස් මිල ඉහළ දැමීමට කිසිසේත් හැකියාවක් නොමැති බවයි
විශේෂඥයින් සමඟ සාකච්ඡා කර ඉදිරියේදී ගෑස් මිල සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතවනවා




