සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දෙදෙනකු අර්බුද නිර්මාණය කරමින් සෞඛ්‍ය ඇමැතිවරිය අපහසුතාවයට පත් කිරීම පිටුපස සිටින බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කමිටුව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ට ඊයේ (15 වැනිදා) දැනුම් දී තිබෙන බව වාර්තා වනවා.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සහ සෞඛ්‍ය ඇමැතිනිය අතර පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය වෘත්තීය සමිති එම නිලධාරීන් දෙදෙනාට විරෝධය පළ කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු හා අතිරේක ලේකම්වරයකු පිලිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති නගන මෙම චෝදනා සොයා බැලීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශය ගන්නා තීන්දු තීරණවලට හවුල් වෙමින් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කරන අතිරේක ලේකම්වරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති ඇමැතිවරියගෙන් ඉල්ලා සිටියා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා විශේෂ නිවාඩු ලබාදීම පිළිබඳව අධ්‍යක්ෂවරයා නිකුත්කළ ලිපිය පිළිබඳව ද විමර්ශනයක් කරන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා.




