පොලිස් පරිසර කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රධානත්වයෙන් මොරටුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ ඩ්‍රෝන යානා මෙහෙයුමක් සිදුකෙරුනා.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරු සහ මොරටුව පොලිස් ස්ථානය සියලු පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් මෙහිදී සංචරණ රීති කඩ කරන්නන් සොයා මෙම මෙහයුම සිදුකෙරුනා.
මෙහිදී සංචරණ නීති කඩ කරන සහ මුඛ ආවරණ නොමැතිව ගමන් කරන පුද්ගලයන් පළමු වරට වෙත දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට කටයුතු කරන අතර ඔවුන් දෙවැනි වරටත් හසු වුවහොත් සංචරණ නීති කඩ කිරීම පිළිබඳව නඩු පවරන බව වාර්තාවේ.
පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මෙහෙයවීමෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි මනෝජ් පෙරේරා සහ පරිසර කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේන යන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් සහ මොරටුව පොලීසියේ පොලිස් ස්ථානාධිපති ක්‍රිෂාන්ත ලොකුගේ සහ රථ වාහන පොලිස් ස්ථානාධිපති අජිත් කුමාර ඇතුළු මොරටුව රථ වාහන පොලිස් නිලධාරීන් සහ පරිසර කොට්ඨාශයේ නිලධාරීන්ගේ මෙම ඩ්‍රෝන තාක්ෂණ මෙහෙයුම සඳහා සහභාගී විය.




