ඇස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට දෙවනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම සෞඛ්‍ය නිළධාරීන්ගේ අනුමැතිය අනුව සිදු කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඇස්ට්‍රසෙනෙකා මාත්‍රා දෙකක් ලබා ගැනීම වෙනුවට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම වඩා ඵලදායි බව ජර්මනියේ දී කළ පරීක්ෂණයකින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව ඇස්ට්‍රසෙනෙකා එන්නත වෙනුවට දෙවන මාත්‍රාව ලෙස ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබාදීමට හැකි අතර සෞඛ්‍ය නිර්දේශවලට අනුව ඉදිරි කාලයේ දී ෆයිසර් එන්නත් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසනවා.
මේ වන විට කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබාදී ඇති සමස්ථ ප්‍රමාණය 2,350,564 ක් වන අතර බලමු මාත්‍රාව පමණක් ලබාදී ඇති පිරිස 677,353 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.




